Tuesday, January 13, 2026
Follow Us
අලෙවි කිරීමට නොහැකි වූ මත්ස්‍ය තොග සියල්ල මිලට ගැනීමට රජයෙන් තීරණයක්

නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් අලෙවි කිරීමට නොහැකිව ධීවරයින් සතුව පවතින මාලූ තොග සියල්ල ඉදිරි දින 4ක් තුල මිලදී ගෙන අවසන් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා.

මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් පසු පෑලියගොඩ මත්ස්‍ය වෙළ`ද පොල ආශ‍්‍රීතව කොරෝනා පොකුරක් බිහිවීමත් සමඟ මත්ස්‍ය අස්වැන්න අලෙවි කර ගැනීමට ගැටළු මතුවුණා. ඊට එක් හේතුවක් වූයේ ප‍්‍රධාන වරායන් ආශ‍්‍රිත ධීවර කටයුතු තාවකාලිකව නතර කිරීමයි.

ඒ අනුව ඒ වනවිටත් මත්ස්‍ය තොග ගොඩ ගැසී තිබූ බවයි නෙත් නිවුස් කල සොයා බැලීමකදී හෙලි වුණේ. මෙලෙස මිලදී ගන්නා මත්ස්‍ය තොග ඉදිරියේදී සැමන් නිෂ්පාදනයට යොදා ගන්නා බව බහුදින ධීවර කටයුතු සහ මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයින් හමුවීමෙන් පසු වසා දැමුණු බේරුවල ධීවර වරාය ඊයේ විවෘත කෙරුණේ දින 06කට පසුවයි. කෙසේවෙතත් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය යළි විවෘත කරන දිනයක් මෙතෙක් ප‍්‍රකාශයට පත් කර නැහැ.

(Neth)