Thursday, September 18, 2025
Follow Us
මෙරට සිටින විදේශිකයින්ගේ වීසා වලංගු කාලය දීර්ඝ කෙරේ

දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයින් ලබාගෙන ඇති සියලූම වර්ගයේ වීසාවන් හි වලංගු කාලය දින 60කින් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින්, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව දැනට ලබා දී ඇති සියලුම වර්ගවල වීසා බලපත්‍රයන්හි වලංගු කාලය 2020.10.07 වන දින සිට 2020.12.05 දක්වා දීර්ඝ කර තිබේ.

එම වීසා දීර්ඝ කිරීමට අදාළව, වීසා ගාස්තු ගෙවීම හා වීසාව ගමන් බලපත්‍රයේ පිටසන් කර ගැනීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය ඉදිරියේ දී දැනුම්දෙන බව ද එම නිවේදනයේ දැක්වේ.

එම කාලය තුළ දිවයිනෙන් බැහැර වීමට අවශ්‍ය නම්, වීසා දීර්ඝ කිරීමට අදාළ වීසා ගාස්තු පමණක් ගුවන්තොටුපොළ වෙත ගෙවා දිවයිනෙන් බැහැර වී යා හැකි අතර, එහිදී කිසිදු දඩ මුදලක් අය කරනු නොලැබේ.

දැනටමත් වීසා ලබාගැනීම සඳහා ගමන් බලපත්‍ර, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වීසා අංශය වෙත ලබා දී ඇත්නම්, එහිදී ඔබ වෙත ලබා දී ඇති පිළිගැනීම් රිසිට් පත්‍රයෙහි (Acknow Ledgement)වලංගු කාලය ද දින 60කින් එනම් දෙසැම්බර් 5 වන දින තෙක් දීර්ඝ කර ඇත.

මෙම කාලය තුළ දී දිවයිනෙන් බැහැර වීමට අදහස් කරන්නේ නම් පමණක් ඔබගේ ගමන් බලපත්‍රය මෙම දෙපාර්තමේන්තුවෙන් ලබා ගැනීම සඳහා ඉල්ලීමක්, අදාළ පිළිගැනීම් රිසිට්පතේ (Acknowledment)පිටපතක් හා ගුවන් ටිකට් පත්‍රයෙහි පිටපතක් සමග පහත විද්‍යුත් ලිපිනයන් වෙත යොමු කර අවශ්‍ය උපදෙස් දෙපාර්තමේන්තුව වෙතින් ලබා ගත හැකිය.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

විමසීම් සඳහා – 070 710 10 50

(Lanka Leads)