දෙහිඕවිට ප්‍රදේශයේ පදිංචි මාළු වෙළෙන්ඳන් 07කට සහ ඉන් එක් අයෙකුගේ බිරිඳකට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.
සෞඛ්‍ය අංශ පැවසුවේ, මොවුන් සියලුදෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ආශ්‍රිතයන් බවය.
ඒ අනුව නැවත දැනුම්දෙනතුරු දෙහිඕවිට, ඉහළ තල්දූව , පහළ තල්දූව, ඇපලපිටිය සහා තිඹිරිපොල යන ග්‍රාම නිලධාරීන් වසම් හුදෙකලා ගම්මාන බවට පත්කළ බව දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනිය පැවසුවාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනිය වෛද්‍ය මදුවන්ති විජේසිංහ මහත්මිය,
“පසුගිය 21 වන දා දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදේශයෙන් කොරෝනා රෝගියෙක් වාර්තා වුණා. ඒ අනුව ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයින් හඳුනාගෙන ඒ එක්කම පෑලියගොඩ මාළු වෙළෙඳාම සඳහා ගිය වෙළෙඳ මහතුන් කිහිපදෙනෙකුත් හඳුනා ගෙන ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණ සිදුකළා 23 වන සිකුරාදා. එහි ප්‍රතිඵල අනුව මේ වන විට අපිට තොරතුරු ලැබුණා 8 දෙනෙක් මෙම රෝගයට ගොඳුරු වෙලා කියලා. ඒ අයගේ 7 දෙනෙක් මාළු වෙළෙඳාම සඳහා පෑලියගොඩට ගිය අය. මේ අයගේ ආශ්‍රිතයි බැලුවහම මේ අය ගොඩක් සැරිසරලා තියෙන්නේ තල්දූව සහ දෙහිඕවිට කියන ප්‍රදේශ. ආශ්‍රිතයින් ගත්තහම විශාල සංඛ්‍යාවක් ඉන්නවා. මේ අය හඳුනාගෙන නිරෝධායනය කිරීම ඉතා අපහසු කාර්යක්. ඒ නිසා මේ රෝගීන් බහුලව ගැවසෙන දෙහිඕවිට, ඉහළ තල්දූව , පහළ තල්දූව, ඇපලපිටිය සහා තිඹිරිපොල යන ග්‍රාම නිලධාරීන් වසම් හුදකලා කළොත් එය කිරීම පහසු වෙනවා.“
(Lanka Leads)