Tuesday, January 13, 2026
Follow Us
සති අන්තන්යේ සංචරණය සීමා කර නිවාසවලට වී සිටින්න- පොලිස් මාධ්‍ය ප්‍රකාශක

සති අන්ත නිවාඩු දිනවල එනම් සෙනසුරාදා, ඉරිදා දිනවල සංචරණය සීමා කර නිවාසවලට වී සිටින්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

විශේෂයෙන් නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල සංචරණය සීමා කරන ලෙසත් ආසාදිතයින් මෙම සියලු ප්‍රදේශවලින් වාර්තා වීමත් නිසා මෙලෙස සංචරණය හැකි තරම් සීමා කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ වනවිට පොලිස් බල ප්‍රදේශ 49ක නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙයි. මෙලෙස ක්‍රියාත්මක කර තිබෙන නිරෝධායන ඇදිරි නීතිය කඩ කරන්නන් පොලිස් භාරයට ගන්නා බවත් වහන ද පොලිස් භාර්යට ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ ය.

(news.lk)