Tuesday, January 13, 2026
Follow Us
කොවිඩ් 19 ගැන සභාව කල්තබන අවස්ථාවේ විවාදයක්

රටේ උද්ගතව පවතින කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තියයේ අභියෝගය සම්බන්ධයෙන් පර්ලිමේන්තුවේ සභාව කල්තබන අවස්ථවේ විවාදයක් අද (23) පැවැත්වීමට නියමිතය.

සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (21) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබේ.

ඒ අනුව අදට නියමිතව තිබූ ශෝක ප්‍රකාශ යෝජනාව ඉදිරිපත් නොකෙරෙනු ඇත. කෝවිඩ් 19 වෛරසය රට තුළ ව්‍යාප්ත වීම සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සභාගර්භයේදී කරුණු විමසූ අතර, ඉන්පසු විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ඒ සම්බන්ධව පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටියේය.

 

ඒ අනුව අද 23 වැනි සිකුරාදා සභාව කල් තැබීමේ විවාදයක් ලෙස එම විවාදය පැවැත්වීමට ආණ්ඩු පක්ෂය එකඟතාවය පළ කළ අතර, වාචික පිළිතුරුඅපේක්ෂා කරන ප්‍රශ්න සහ දිවා විවේකය නොමැතිව පෙරවරු 10 සිට පස්වරු 4.30 දක්වා විවාදය පැවැත්වීමට තීරණය කර තිබේ.

(news.lk)