Thursday, September 18, 2025
Follow Us
උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට නිවේදනයක්

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙළ අදාළව සාමාන්‍ය පොදු පරීක්ෂණය සඳහා ඉල්ලුම් කර ඇති විභාග අපේක්ෂකයින් සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

උසස්පෙළ සාමාන්‍ය පොදු පරීක්ෂණය සඳහා පෙනී සිට ලකුණු 30ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇත්නම් යළි එම ප්‍රශ්න පත්‍රය සඳහා පෙනීසිටීම අත්‍යවශ්‍ය නොවන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කර සිටියි.

ඒ අනුව මීළඟ විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා එම ලකුණු ලබාගැනීම ප්‍රමාණවත් බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

(Aruna)