Thursday, September 18, 2025
Follow Us
ජනමත විචාරණයක් නැතුව 20 සම්මත කරන්න බෑ - කතානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය නිළ වශයෙන් දැනුම් දෙයි

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද (20) කතානායකවරයා නිළ වශයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වන්නේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දෙයන් පමණක් නොව ජනමත විචාරණයකින්ද සම්මත වියයුතු බවයි.

'ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121–1 ව්‍යවස්ථාව අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, අභියෝගයට ලක්කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැමති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය, මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි.'

'පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82–1 ව්‍යවස්ථාවට අනුකූල වන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82-5 ව්‍යවස්ථාව අනුව, විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කිරීමට අවශ්‍ය වන බවත්, පනත් කෙටුම්පතේ 3,5,14 සහ 22 වගන්ති පවතින තත්ත්වාකාරයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ව්‍යවස්ථාව සමග 3 ව්‍යවස්ථාවට අනනුකූල වන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවට අනුව, ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කළ යුතු බවත්, එසේ වුවද 3 සහ 14 වගන්තිවල ඇති අනනූකූලතාවය යෝජිත කාරකසභා සංශෝධන ප්‍රකාරව සංශෝධනය කිරීම මඟින් ඉවත් කරගත හැකි බවත්, 5 වන වගන්තියේ ඇති අනනූකූලතාවය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දක්වා ඇති ආකාරයට සුදුසු පරිදි සංශෝධනය කිරීම මඟින් ඉවත් කර ගැනීමට කළ හැකි බවද ශ්‍රේෂ්ඨධිකරණය විසින් තීරණය කර ඇත.'

(LNW)