Thursday, September 18, 2025
Follow Us
ගම්පහ සිසුන්ට පෝෂණ මල්ලක් ගෙදරටම

ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් 44496 දනෙකුට රුපියල් 965ක වටිනාකමකින් යුත් පෝෂණ මල්ලක් හෙට (21 වැනිදා) සිට ලබා දීමට පියවර ගෙන ඇත.

කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය මෙම පියවර ගෙන තිබේ.

එම දරුවෝ ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් 245කට අයත් වෙති. මේ සඳහා රජය වැය කරන මුදල රුපියල් කෝටි හතරකට අධික වෙයි.

ගම්පහ අධ්‍යාපන කලාපයේ පාසල් 67, කැලණිය කලාපයේ පාසල් 44, මිනුවන්ගොඩ කලාපයේ පාසල් 89, මීගමුව කලාපයේ පාසල් 45ක දරුවෝ මෙලෙස පීඩාවට පත්ව සිටිති. බිත්තර දහයක්, නුඩ්ල්ස් පැකට්ටුවක්, සම​පෝෂ පැකට් හයක්, කඩල කිලෝග්‍රෑමයක්, බිස්කට් පැකට් තුනක් මෙම පෝෂණ මල්ලට ඇතුළත් කර ඇත. විදුහල්පතිවරු මාර්ගයෙන් සිසුන්ගේ නිවසටම පෝෂණ මල්ල බෙදා හැරීමට සැලසුම් කර ඇත.

දිවයින පුරා පාසල් 7983ක අධ්‍යාපනය ලබන සිසු දරුවන් එකොළොස් ලක්ෂයකට රජය විසින් පෝෂණ මල්ලක් බෙදා දීමට පියවර ගත්තද, පාසල් නිවාඩුව හේතුවෙන් බෙදා හැරීම නතර වී තිබේ. ඒ සඳහා වෙන් කර ඇති මුදලින් ගම්පහ දිස්ත්‍රික්කයේ දරුවන්ට මෙම පෝෂණ මල්ල බෙදා හරිනු ලබයි. මෙම වැඩපිළිවෙළෙහි සමාරම්භය එළැඹෙන බදාදා (21 වැනිදා) මිනුවන්ගොඩ වීදියවත්ත ශ්‍රී නාගවනාරාම ප්‍රාථමික විද්‍යාලයේදී සිදුවේ.

(Aruna)