මේ දිනවල පනවා ඇති සීමා කිරීම් හමුවේ දෛනිකව ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ පනස්දෙනකුට නොඅඩු පිරිසක් වන නමුත්, දිනපතා 600ක පමණ පිරිසක් රටින් පිටව යන බව ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි ‘අරුණ’ට පැවසීය.
පවතින කොවිඩ් -19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන මුළුමනින්ම නතර කර නොමැති නමුත්, නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩපහසුකම් සීමාවීම හේතුවෙන් රට තුළට රැගෙන එන සංඛ්‍යාව පනහක උපරිමයකට සීමාකර ඇතැයිද සභාපතිවරයා කීවේය.
(Lanka Leads)