Thursday, September 18, 2025
Follow Us
වාරායේ කොරෝනා නැති බව සභාපති කියයි

කොළඹ වරායේ කිසිවෙකුටත් කොවිඩ් අසාදිත නොමැති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, ජෙනරාල් (විශ්‍රාමික) දයා රත්නායක මහතා සඳහන් කරනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද (19) උදෑසන ඒ මහතා මේ බව සඳහන් කර ඇත.

වරාය තුළ ආයතන රැසක් පවතින අතර එවැනි ආයතනයක පුද්ගලයින් පිරිසකට මෙලෙස වෛරසය ආසාදනය වී ඇතැයි දයා රත්නායක මහතා සඳහන් කරනවා. එනිසා ඔවුන් සමග සම්බන්ධතාවයක් ඇති නොවන ලෙස මේ වනවිට සියලු කටයුතු සකසා ඇති බව ඔහු සඳහන් කරනවා.

වරාය අධිකාරියේ සේවකයින් සෞඛ්‍ය උපදෙස් පිළිපදින බවත් , නිරන්තරයෙන් ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණ සිදුකරමින් පවතින බවත් සඳහන් කර සිටියා.

මේ අතර කොළඹ නැව් තටාකාංගනයේ සේවකයින් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (18) තහවුරු විය.

මේ අතර, වරාය තුළට පැමිණෙන නැව් සමග සම්බන්ධ වන නිලධාරීන්ගේ පීසීආර් පරීක්ෂණ නිසි ලෙස සිදුනොවන බවට වරාය වෘත්තීය සමිති විසින් සිදුකර ඇති චෝදනාව සම්බන්ධයෙන් ද මෙහිදී ජෙනරාල් (විශ්‍රාමික) දයා රත්නායක මහතා අදහස් පළ පලකරනු ලැබුවා.

(Aruna)