තමා තනිවම 19 ට විරුද්ධ වූ අයෙකු ලෙස 19 ඉවත් කරන 20 ට විරුද්ධ වෙන්නේ නැති බවත් ආණ්ඩු පක්ෂයේ යමෙකු විරුද්ධ වන්නේ නම් එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාවාදීමක් ලෙස සලකන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි. පුවත්පත් වලට ප්‍රකාශයක් කරමින් සරත් වීරසේකර මහතා තවදුරටත් සඳහන් කරන්නේ තමාට ලැබුණු ඡන්ද වලින් 50% ක් ලැබුණේ 19 ට තනිවම මුහුණ දීම නිසා බවය. නමුත් නීති විශාරදයින්ගේ මතය අනුව,
” 19 වැනි සංශෝධනය මේ මඟින් අහෝදි කෙරේ ” යනුවෙන් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට හැකියාවන් නැති බවය. යම් සංශෝධනයක් සිදු කිරීමෙන් පසුව එය සමස්ථ ව්‍යවස්ථාවේ කොටසක් වන බැවින් ඊට පසුව ගෙන එන සංශෝධනයක් මඟින් සිදු කෙරෙන්නේ සංශෝධන එකින් එක ගෙන ඉවත් කිරීම, සංශෝධනය කිරීම හෝ එසේම ඉතිරි කිරීම බව ඔවුන්ගේ මතයයි.
ඒ අනුව 19 යේ නරක දේ ඉවත් කොට හොඳ දේ තබා ගැනීමේ බාධාවක් නැති බවය. හොඳ දේ ආරක්ෂා නොකිරීම 19 ට ඡන්දය දීම තරමටම බරපතල වරදක් බවද ඔවුහු පෙන්වා දෙති.
(Lanka Leads)