Tuesday, January 13, 2026
Follow Us
අද සිට රටින් පිටවන ගුවන් මගීන්ට පී සී ආර් අනිවාර්යයි

මෙරට සිට විදේශ ගතවන සියලූම ගුවන් මගීන්, තම පිටත්වීමේ වේලාවෙන් පැය 72 ක් ඇතුළත පී සී ආර් පරීක්ෂණයක් සිදු කර තිබීම අද සිට අනිවාර්යවනවා. සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ විශ‍්‍රාමික මෙජර් ජෙනරාල් ජී ඒ චන්ද්‍රසිරි පැවසුවේ අද පස්වරු 6.00 සිට එම තීරණය කි‍්‍රයාත්මක කෙරෙන බවයි.

ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය සම්පූර්ණයෙන් විවෘත කිිරීමට තවත් කළක් ගතවනු ඇති බවද සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ විශ‍්‍රාමික මෙජර් ජෙනරාල් ජී ඒ චන්ද්‍රසිරි නෙත් නිවුස් කළ විමසීමකදී වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)