දේශීය ගොවීන්ගෙන් ලොකු ලූණු කිලෝවක් රුපියල් 130 ක මුදලකට මිලදී ගැනීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. පාරිභෝගිකයා මෙන්ම ගොවි ජනතාව ආරක්ෂා කිරීම සදහා මෙම තීරණය ගත් බවයි වෙළ`ද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ.
ආනයනික බදු ඉවත් කිරීම හේතුවෙන් මිල අඩු කෙරුණු අත්‍යවශ්‍ය භාණ්ඩ, ඉදිරි දින කිහිපයේදී දිවයිනේ සියලූ සතොස ශාඛා හරහා හිගයකින් තොරව ලබාගත හැකි බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
මේ අතර අනුරාධපුර පේමඩුව අලිවංගුව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් ගබඩාවක සූක්ෂමව සගවා තිබූ කීරිසම්බා වී කිලෝ ලක්ෂ 5 කට වැඩි ප්‍රමාණයක් පාරිභෝගික අධිකාරිය අද සිය භාරයට ගත්තා. එම අධිකාරියේ සහකාර අධ්යක්ෂ ඒ එච් ජසූර් සහ අනුරාධපුර දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම වැටලීම සිදුකළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. වී මිල ගණන් ඉහළ ගිය අවස්ථාවකදී මෝල් හිමියන් වෙත අලවි කිරීම සඳහා අතරමැදි වෙළෙන්දකු විසින් මෙලෙස අදාළ වී තොගය ගබඩා කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
(NEth)