Tuesday, January 13, 2026
Follow Us
මිනුවන්ගොඩ ගම් තුනක් හුදකලා කරයි

කොවිඩ් -19 ආසාදිතයින් හමුවීම හේතුවෙන් මිනුවන්ගොඩ පොලිස් බලප්‍රදේශයට අයත් තවත් ගම්මාන තුනක් හුදකලා කර තිබේ.

ඒ අනුව මිනුවන්ගොඩ පොලිස් බලප්‍රදේශයට අයත් ගැනිහිමුල්ල, පෙරලන්දවත්ත, සහ හැලකන්දන යන ගම්මාන තුන අද (15) උදෑසන සිට හුදකලා කර ඇත.

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වැඩි වශයෙන් එම ප්‍රදේශයෙන් වාර්ථා වීම හේතුවෙන් සෞඛය බලධාරීන් මෙම තීරණය ගෙන ඇත.

ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 500කගේ පීසීආර් පරීක්ෂණ අද දෙවොලපොළ සතිපොළේ දී සිදුකර කරනු ලැබීය.

(Lanka Leads)