Tuesday, January 13, 2026
Follow Us
එකවර 2000ක් නිරෝධායනය කළ හැකි මධ්‍යස්ථාන කිහිපයක්

මෙරට කොවිඩ් අවදානම් තත්වය හමුවේ පුද්ගලයන් 2000 ක පිරිසක් නිරෝධායනයට යොමු කළ හැකි මධ්‍යස්ථාන කිහිපයක් ම යුද හමුදාව විසින් ස්ථාපිත කරමින් පවතින බව වාර්තා වී ඇත.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව සඳහන් කරනවා.

මේ වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන මධ්‍යස්ථාන 96ක් තුළ පුද්ගලයන් 10, 500 දෙනෙකු නිරෝධානය කරනවා.

ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායනය වූ 51,000 ට අධික පිරිසක් මේ වන විට සමාජගත කර ඇත.

(Aruna)