Tuesday, March 03, 2026
Follow Us
විශ්‍රාම වැටුප් සේවය නවතී

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සිය සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ අද (13) සිට නැවත දැනුම් දෙන තුරු මෙම අත්හිටුවීම බලපැවැත්වෙන බවයි.

රට තුළ උද්ගතව ඇති කොවිඩ්-19 හදිසි තත්ත්වය හේතුවෙන් විශ්‍රාම වැටුප් සක්‍රීය කිරීමේ සම්මුඛ පරීක්ෂණය සදහා විශ්‍රාමිකයන් කැදවීම සහ විවිධ ගැටළු සදහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සේවාවන් අත්හිටවනු ඇති.

එබැවින් නැවත දැනුම් දෙනතුරු කිසිදු විශ්‍රාමිකයෙකුගේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළට නොපැමිණීමට කාරුණික වන ලෙස එම දෙපාර්තමේන්තුව විශ්‍රාමිකයින්ගෙන් ඉල්ලා සිටියි.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙතින ලබාගත යුතු සේවාවන් ඇත් නම් එය 1970 ක්ෂණික දුරකථන අංකය අමතා ලබාගන්නා මෙන් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.

(Aruna)