Thursday, September 18, 2025
Follow Us
ගම්පහ පොලිස් ඇඳිරි නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම තවදුරටත්

ගම්පහ දිස්ති‍්‍රක්කයේ පොලිස් බල ප‍්‍රදේශ කිහිපයකට බලපැවැත්වෙන පරිදි කි‍්‍රයාත්මක නිරෝධායන ඇඳිරි නීතිය අද සිට තවදුරටත් දැඩිව කි‍්‍රයාත්මක කෙරෙන බව පොලීසිය පවසනවා. කෙසේවෙතත් උසස් පෙළට පෙනී සිටින සිසුන් සඳහා එමගින් කිසිඳු බාධාවක් නොමැති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ.

මේ අතර ඊයේ දිනයේදී පමණක් මෙරටින් නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 90 දෙනෙකු හඳුනා ගැනුණු බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. එම ආසාදිතයින් සියලූදෙනා මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් හඳුනා ගැනුණු ආසාදිතයින් සහ ඔවුන්ගේ ආශි‍්‍රතයින් බවයි යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ.

ඒ අනුව මේවනවිට මෙරටින් නව්‍ය කොරෝනා ආසාදිතයින් 4,844 දෙනෙකු වාර්තා වනවා. ඉන් ආසාදිතයින් 3,317 දෙනෙකු මේවනවිටත් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් අවසන්. ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 1,514 දෙනෙකු බවයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය පැවසුවේ.

(Neth)