Tuesday, January 13, 2026
Follow Us
දිස්ත්‍රික්ක දෙකක සායනික ඖෂධ තැපැල් මගින් බෙදා හැරීම අද සිට

රජයේ රෝහල් සායනවලින් ප‍්‍රතිකාර ගන්නා රෝගීන්ගේ ඖෂධ, තැපැල් මගින් නිවෙස් වෙතම ලබාදීමේ වැඩපිළිවෙළ කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්කවලින් අද සිට ආරම්භ වනවා.

මසකට ප‍්‍රමාණවත් ඖෂධ තමන් සතු නොවන රෝගීන් වෙත ඖෂධ ලබාදීමේ අරමුණින් මෙය ක‍්‍රියාත්මකයි බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.

සායනික පොත සමග නිවැරදිව ලිපිනය ලබාදී නොමැති නම් අදාළ ඖෂධ ලබා ගන්නා රෝහලට ඇමතුමක් ලබාදී සායනවලට පැමිණෙන රෝගීන් සිය තොරතුරු යාවත්කාලීන කළ යුතු බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

(Neth)