Wednesday, September 17, 2025
Follow Us
අත්තනෝමතිකව රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා නිදහස් කිරීම - සී.යි.ඩී ලොක්කන්ට එරෙහි පරීක්ෂණය ඇරඹේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ප‍්‍රධාන විමර්ශන නිලධාරියා අද නීතිපති දප්පුල ද ලිවේරා හමුවට කැඳවා තිබෙනවා.

ඒ, හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව කරුණු සොයා බැලීම සඳහායි. ඒ අනුව, ඊට අදාළ සියළු විමර්ශන ගොනු සමගින් අද දිනයේ තමන් හමුවේ පෙනී සිටින ලෙස නීතිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ප‍්‍රධාන විමර්ශන නිලධාරියාට දැනුම් දී තිබෙනවා.

මේ අතර, හිටපු අමාත්‍ය රිෂාඞ් බද්යුදීන්ගේ සහෝදරයා වන රියාජ් බද්යුදීන් අත්අඩංගුවට ගැනීමෙන් පසු මුදා හැරීම පිටුපස අදෘශ්‍යමාන හස්තයක් ඇතැයි සැක පවතින බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන ද කියා සිටියේ.

(NEth)