Wednesday, September 17, 2025
Follow Us
සියලු විභාග මධ්‍යස්ථාන සුරක්ෂිතයි- විභාග කොමසාරිස් ජනරාල්

පහ වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන සහ උසස් පෙළ විභාගය පැවැත්වෙන මධ්‍යස්ථාන සුරක්ෂිත බව විභග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.

අද සහ හෙට ආරම්භ වන විභාග සම්බන්ධයෙන් මේ වනවිට ගෙන තිබෙන සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙල සම්බන්ධයෙන් අඳහස් දක්වමින් විභාග කොමසාරිවරයා මේ බව පැවසීය.

නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල සිසුන් වෙනුවෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන ස්ථානගත කර තිබේ.
අද (11) ශිෂ්‍යත්ව විභාගය පෙ.ව 9.30ට ආරම්භ කිරීමට නියමිත අතර සිසුන් විභාග මධ්‍යස්ථන වෙත 8.30 වනවිට පැමිණිය යුතු බව විභාග කොමසාරිවරයා පැවසීය.

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් එදින උදෑසන 9.00 වන විට විභාග ශාලාවේ වාඩි කළ යුතු අතර , එහෙත් පවත්නා වසංගත තත්වය හේතුවෙන් සෞඛ්‍යරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක වන බැවින් කල් වේලා ඇතිව විභාග මධ්‍යස්ථානයට පැමිණෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

එමෙන් ම නිරෝධායනය වන දරුවන් වෙනම විභාගය ලිවීම සඳහා පහසුකම් සළසා තිබෙන අතර ඔවුන්ගේ පිළිතුරු පත්‍ර වෙනම එකතු කරනු ඇත. එමෙන් ම මේ වනවිට අයි ඩී එච් රෝහලේ සිසුන් පහක් ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගෙන් දරුවන් දෙදෙනෙක් ආසාදිත වන අතර ඔවුන් වෙනුවෙන් විශේෂ විභාග මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලබයි.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ සිට සියලු ම විභාග අපේක්ෂකයින් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අනුමත කරන ලද ජාතික ශිෂ්‍ය අනන්‍යතාව ද දක්වා තිබේ.විභාගයට පෙනී සිටින දරුවන් තම විභාග අංකය ඇඳුමේ වම් පස පැළඳය යුතු බවද විභාග කොමසාරිස්වරයා පවසයි.

(news.lk)