Tuesday, January 13, 2026
Follow Us
නේවාසික රෝගීන් බැලීමට යාම අවම කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

රෝහල්වල නේවාසික රෝගීන් බැලීමට යාමේදී අත්සේදීම,මීටරයක සමාජ දුරස්ථභාවය,මුහුණු ආවරණ පැළදීම යන උපදෙස් තරයේ පිළිපදින්න ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය මහජනතාව ගෙන් ඉල්ලා සිටිනවා.

හැකිනම් නේවාසික රෝගීන් බැලීමට යෑම අවම කරන ලෙසයි වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් පොදු මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

නේවාසික ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා ලබාදීමට රැගෙන යන ද්‍රව්‍ය රෝගීයා මුණගැසී ලබාදීමට වෙනුවට ඒ සඳහා වෙනත් සුදුසු ක්‍රමවේද අනුගමනය කරන ලෙස ඉල්ලා සිටියි.

එමෙන්ම අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවා සපයා ගැනීමට ලඟම ඇති රෝහල කරා පමණක් යන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය නුකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

(Neth)