Wednesday, September 17, 2025
Follow Us
රාජ්‍ය ආයතන කිහිපයක මහජන සේවා සැපයීමේදී විශේෂ තීරණ කිහිපයක්

පවතින කොරෝනා වෛරස තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලය හා ප‍්‍රාදේශීය කාර්යාල වෙත මහජනතාව පැමිණීම තවදුරටත් අත්හිටුවා තිබෙනවා. ඒ, අනුව ලබන 12 වනදා සිට 16 වන දින දක්වා එය කි‍්‍රයාත්මක බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ. එහෙත් එම දිනවල කාර්යාලීය වේලාවන්වලදී දුරකතනය හරහා සේවාවන් ලබාගත හැකියි.

ඒ අනුව ගමන් බලපත් අංශය 070 710 10 60 හා 070 710 10 70 දුකරතන අංකවලින්ද පුරවැසි අංශය 070 710 10 30 අංකයෙන්ද විදේශ දුත මණ්ඩල අංශය 011 5 32 92 33 හා 011 53 29 235 යන අංකවලින් ඇමතිය හැකි වනවා. වීසා අංශය ඇමතිය හැක්කේ 070 710 10 50 අංකයෙන්.

මේ අතර ලබන 12 වනදා සිට ඔක්තෝම්බර් 16 වනදා දක්වා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුළු මහජන සේවාවන් ද තාවකාලිකව අත්හිටුවීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක පැවසුවේ එක්දින සේවය යටතේ හැදුනුම්පත් ලබා ගැනීම සදහා අංක හා වේලාවන් වෙන් කර ගත් සියළුම ඉල්ලූම්කරුවන් අදාළ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටි හැදුනුම්පත් අංශයට සිය ඉල්ලූම්පත් භාර දිය හැකි බවයි. ඒ සම්බන්ධයෙන් 011 5 22 61 26, 011 5 22 61 15, 011 5 22 61 00 සහ 011 5 22 61 50 යන දුරකතන අංක මගින් වැඩිදුර විස්තර ලබාගත හැකියි.

මේ අතර ගම්පහ දිස්ති‍්‍රක්කයේ තැපැල් මෙහෙයුම් කටයුතු ලබන 17 වනදා දක්වා අත්හිටුවීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඊට අමතරව මධ්‍යම තැපැල් හුවමාරු පාරිභෝගික සේවා සැපයීමද ලබන 17 වනදා දක්වා අත්හිටුවන බවයි තැපැල්පති රංජිත් ආරියරත්න පැවසුවේ. මධ්‍යම තැපැල් හුවමාරුව මගින් ව්‍යාපාරික තැපැල් සේවා ලබා ගන්නා ආයතන, වාණිජ සහකාර අධිකාරී අමතා ඒ සදහා වේලාවක් වෙන්කර ගත යුතු බවයි තැපැල්පතිවරයා සදහන් කළේ.

(Neth)