Wednesday, September 17, 2025
Follow Us
නිරෝධායන ඇදිරි නීතිය බලපැවැත්වෙන පොලිස් බලප්‍රදේශ තුළ පෙ.ව 8.00 සිට ප.ව 8.00 දක්වා අත්‍යාවශ්‍ය ආහාර වෙළඳ සැල් සහ ඖෂධ අළෙවි සැල් විවෘතයි

නිරෝධායන ඇදිරි නීතිය බලපැවැත්වෙන පොලිස් බලප්‍රදේශ තුළ පෙ.ව 8.00 සිට ප.ව 8.00 දක්වා අත්‍යාවශ්‍ය ආහාර වෙළඳ සැල් සහ ඖෂධ අළෙවි සැල් විවෘතව තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අද(09) උදෑසන මාධ්‍ය වෙත අඳහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ ය.

ඒ අනුව සතොස ඇතුළු,සුපිරි වෙළඳ සැල්,සත්ව ආහාර,මස් වෙළඳ සැල් ආදී අත්‍යාවශ්‍ය ආහාර අළෙවි සැල් සහ අත්‍යාවශ්‍ය ඖෂධ වෙළඳ සැල් විවෘතව තැබේ.

කෙසේ වෙතත් මෙම වෙළඳ සැල් වෙත පැමිණීම නිරෝධාඅයන ඇදිරි නීතිය යටතේ ක්‍රියාත්මක සෞඛ්‍ය අරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පැමිණිය යුතු අතර තම්න්ට ආසන්නම වෙළඳ ස්ථානයට පැමිණිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

මෙම නීති කඩ කරන්නට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, අද වන විට නිරෝධායන ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 91ක් අත් අඩංගුවට පත්ව ඇති අතර වාහන 23ක් සහ යතුරු පැදි 19ක් පොලිස් භාරයට ගෙන තිබෙන බව ද පැවසීය.

(news.lk)