Wednesday, November 12, 2025
Follow Us
ආගමික ස්ථානවලට පැමිණීම සීමා කරන්න

කොවිඩ් -19 වයිරසය මේ දිනවල ව්‍යාප්ත වන නිසා ආගමික වතාවත්වල යෙදීම සඳහා ආගමික ස්ථානවලට නොගොස් නිවෙස් තුළ සිටිමින් වතාවත් සිදුකරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

බෞද්ධ, හින්දු, ඉස්ලාම් හා කතෝලික යන ආගම්වල බැතිමතුන් කොවිඩ් -19 වයිරසය පාලනය කිරීම සඳහා ආගමික ස්ථානවලට පැමිණීම හා එක්රැස් වීම අවම කිරීම සඳහා මෙම පියවර ගන්නා බව අමාත්‍යාංශය කියයි.

ආගමික ස්ථානවල පැවැත්වෙන ආගමික වතාවත් සීමා කිරීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

(Aruna)