Tuesday, January 13, 2026
Follow Us
ගම්පහට ඇඳිරි නීතිය පැනවේ : බ්‍රැන්ඩික්ස් සේවකයින්ට හා පවුලේ අයවළුන්ට නිවෙස්වලට වී ඉන්නැයි රජය දැනුම් දෙයි

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද පස්වරු 6.00 සිට යලි දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

මිට අමතරව දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයන්ට ද පනවා තිබෙන ඇඳිරි නිතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වනවා.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්‌ස් ආයතනයේ සේවය කරන ලැබූ සියලුම සේවක සේවිකාවන් හා ඔවුන්ගේ පවුලේ සියලුම දෙනා ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයක ජිවත් වුවද සිය නිවෙස්වලින් පිටතට නොයන ලෙස රජය දැනුම් දී සිටියි.

එමෙන්ම මේ වන විට කොවිඩ් 19 ආසාදනයවී ඇති බවට හඳුනාගෙන ඇති පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයින් යුද හමුදා විසින් නිරෝධයන මධ්‍යස්ථානවලට රැගෙනයාමට කටයුතු කරන අතර ඒ සඳහා සියලුම දෙනා සුදානම් විය යුතු බව රජය විසින් දැනුම් දී සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියි.

(Neth)