Tuesday, January 13, 2026
Follow Us
පොලිස් නිළධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ

වහාම කි‍්‍රයාත්මක වන පරිදි සියලූ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු නැවත දැනුම් දෙන තුරු අවලංගු කර තිබෙනවා.

පොලිස් මූලස්ථානය පැවසුවේ සියලූම තරාතිරම්වල පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ දින විවේක නැවත දැනුම්දෙන අත්හිටුවීමට වැඩබලන පොලිස්පති සී ඞී වික‍්‍රමරත්න පියවර ගෙන ඇති බවයි.

දිවුලපිටිය ප‍්‍රදේශයෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් හඳුනා ගැනීමත් සමගම එම වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට පොලීසියේ ඍජු දායකත්වය දැක්වීමට තීරණය කර තිබෙනවා.

ඒ වෙනුවෙන් මානව සම්පත සූදානම් කිරීම සඳහා මෙලෙස සියලූ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)