Wednesday, September 17, 2025
Follow Us
උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග පැවැත්වීම ගැන විභාග කොමසාරිස් කියු දේ

ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබෙන 05 වසර ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පුජිත් ගෙන් විමසා සිටියා. එහිදී විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ පෙර දැනුම් දුන් දිනයන්වලම විභාග පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බවයි.

එමෙන්ම මේ දක්වා විභාග පැවැත්වෙන දිනයන් වෙනස් කිරීමක් සම්බන්ධයෙන් අදහස් කොට නොමැති බවද ඔහු කියා සිටියා.

මේ අතර රටේ පවතින අයහපත් සෞඛ්‍ය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙතින් සහතික පත් නිකුත් කිරීම ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පමණක් සිදුකෙරෙන බවත් නිරෝධායන හේතු මත දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළට මහජන පැමිණීම සිමා කර ඇති බැවින් නැවත දැනුම් දෙන තුරු දෙපාර්ත්මෙන්තුවේ එක්දින හා සාමාන්‍ය සේවා කවුළු තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.

මෙම කරුණු සම්බන්ධයෙන් යම් ගැටළුවක් පවතිනම් 1911 ක්ෂණික දුරකථන අංකයට අමතා තොරතුරු ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

(Neth)