Wednesday, September 17, 2025
Follow Us
ගම්පහ ප්‍රදේශ කිහිපයකම සංචරණයට සීමා

ගම්පහ, දිවුලපිටිය, මිනුවන්ගොඩ යන ප්‍රදේශවල ගම්මාන කිහිපයක් සඳහා සංචරණ සීමා පනවා ඇත. එම ප්‍රදේශයේ කොවිඩ්-19 කාන්තාවක් හඳුනාගැනීමත් සමග සංචරණ සිමා පැනවීමට පියවර ගෙන ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

බෙම්මුන්න, හොරගස්මුල්ල, දිවුලපිටිය, වැවගෙදර, හපුවලාන, හේන්පිටිගෙදර යන ගම්මාන සඳහා මෙම සංචරණ සීමා පනවා ඇති බව සඳහන් වේ.

මීට අමතරව මිනුවන්ගොඩ, ගන්හින්මුල්ල, ග්‍රාමසේවා වසමට ද සංචරණ සීමා පනවා ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කරනවා.

ඉදිරියේ දී හුදකලා කිරීමට ද අවශ්‍ය පියවර ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සදහන් කර ඇත.

(Aruna)