Wednesday, September 17, 2025
Follow Us
ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණයටත් වඩා අනාගතයට බලපාන ප‍්‍රතිසංස්කරණයක් ගැන අගමැති කතා කරයි

දරුවන්ට නිදහසේ සතුටින් ඉගෙන ගත හැකි අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණයක් වහාම රටට අවශ්‍ය බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණය, ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණයට වඩා රටේ අනාගතයට බලපාන බවයි බත්තරමුල්ල අපේ ගම පරිශ‍්‍රයේ අද පැවති ලෝක ළමා දින ජාතික සැමරුම් උත්සවයට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ, විවිධ කොටස් වශයෙන් දරුවන් බෙදීම අවසන් කළ යුතු බවයි.

 

(Neth)