Monday, January 12, 2026
Follow Us
ඔප්පු එපා, විදුලි බිල්, ජලබිල්, එපා – පළමු වසරට ළමුන් ඇතුළත් කරන අලුත් විදිය මෙන්න…

පළමු වසර සදහා සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රමවේදය ලිහිල් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

ඒ අනුව මින් ඉදිරියට ජන්ද හිමි නාමලේඛනය පමණක් සැලකිල්ලට ගන්නා පරිදි චක්‍රලේඛයක් නිකුත් කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව වාර්තාවේ.

මීට පෙර ජන්ද හිමි නාමලේඛනයට අමතරව දෙමව්පියන්ගේ නිවාස හිමිකම, ඔප්පු තිරප්පු, විදුලි බිල්, ජල බිල්, දුරකතන බිල් ඇතුළු ලේඛන රැසක් සැලකිල්ලට ගෙන පළමු වසරට සිසුන් ඇතුළත් කිරීම සිදුව තිබිණ.

(Lanka LEads)