Wednesday, September 17, 2025
Follow Us
2023‌ට පෙර නව විද්‍යුත් හැදුනුම්පතක්

වසර 2023ට පෙර මෙරට පුරවැසියන් එක්කෝටි හැටලක්ෂයකට අධික පිරිසකට නව විද්‍යුත් හැඳුනුම්පත ලබාදීමට රජය තීරණය කර ඇත.

ලබන ජනවාරි මාසයේදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරේ. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ක්‍රමවත් ලෙස වාර්තා නොමැති නිසා පුරවැසියන්ගේ තොරතුරු පද්ධතියක්ද ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා ලබා ගැනීම මෙම දිනවල සිදුකෙරේ.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන අටක මුදලක් වැය වන බව ඇස්තමේන්තු කර ඇත. එම මුදල ඒකාබද්ධ අරමුදලෙන් ලබා ගැනීම සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය අමාත්‍ය මණ්ඩල සංදේශයක්ද ඉදිරිපත් කර තිබේ. නව විද්‍යුත් හැඳුනුම්පතේ සෑම පුද්ගලයකුගේම රියැදුරු බලපත්‍ර, උප්පැන්න හා විවාහ සහතික තොරතුරු, රුධිර වර්ගය ඇතුළු සියලු තොරතුරු ඇතුළත් කරන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ‘අරුණ’ට පැවැසීය. විද්‍යුත් හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීමේ යෝජනාව යහපාලන රජය සමයේ ඉදිරිපත් වුවද එය ක්‍රියාත්මක නොවීය.

(Aruna)