Monday, March 02, 2026
Follow Us
ලොකු ලූනු ගැන තීරණයක් ගන්න සාකච්ඡා

ලොකු ලූනු යළි මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් ඉන්දීය රජය සමග ඉදිරියේදී සාකච්ඡා කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඉන්දියාව මේ වනවිට කිසිදු රටකට ලොකු ලූනු අපනයනය සිදු නොකරන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

වෙළෙද පොළේ ලොකු ලූනු මිල ඉහළ යාම පාලනය කිරීම සහ පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව ලොකු ලූනු ලබාදීමේ අරමුණින් ඉදිරියේදී ඉන්දීය රජය සමග සාකච්ඡා කර ලොකු ලූනු යළි ආනයනය කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කළේ.

(Neth)