Wednesday, September 17, 2025
Follow Us
ක්‍රිබ් එකේ නම තිබුණට ණය ගන්න පුළුවන්

ණය තොරතුරු කාර්යාංශයේ (ක්‍රිබ් – CRIB) වාර්තාවල නම සටහන්වීම හේතුවෙන් යම් මූල්‍ය ආයතනයක් ණය ලබා නොදන්නේ නම් ඒ බව ණය තොරතුරු කාර්යාංශයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියි.

එසේම ණය තොරතුරු කාර්යාංශය මගින් ණය නොගෙවීම හේතුවෙන් කිසිදු පුද්ගලයකු අසාදු ලේඛනගත නොකරන බවද එම කාර්යාංශයේ අධ්‍යක්ෂ සාමාන්‍යාධිකාරී නන්දිමිත්‍ර ඇන්තනී ‘අරුණ’ට ප්‍රකාශ කළේය. ‘‘යම් පුද්ගලයෙක් ණයක් ගන්න ගියාම ණය දෙන ආයතනයක් කියනවනම් තමන්ගෙ ක්‍රිබ් එකේ (ණය තොරතුරු කාර්යාංශයේ) තියෙන නිසා ණය දෙන්න බැහැ කියලා, අපි ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. එහෙම කියන්න බැහැ. ණය දීමේ තීරණය සම්පූර්ණයෙන්ම තියෙන්නේ එම ණය ලබාදෙන ආයතන මතයි. තමන්ගේ නම ක්‍රිබ් එකේ තියෙන නිසා ණය දෙන්න බැහැ කියලා කියනවනම් අපිට කතා කරන්න. ණය තොරතුරු කාර්යාංශය වෙත පැමිණෙන්න. සතියේ දිනෙක ඇවිත් අපිට කතා කරන්න පුළුවන්.

ණය තොරතුරු කාර්යාංශය තොරතුරු එක්රැස් කරලා ණය දෙන ආයතන වෙත වාර්තා වශයෙන් ලබාදෙන ආයතනයක් පමණයි. මෙයාට ණය දෙන්න, මෙයාට ණය දෙන්න එපා කියලා අපේ වාර්තාවලින් කිසිම තීරණයක් ලබාදෙන්න බැහැ. අපි කිසිම පුද්ගලයෙක් අසාදු ලේඛනගත කරන්නේ නැහැ. යම්කිසි ගෙවීමක් කළාට පස්සේ මාසෙ අන්තිමට තමයි ඒ තොරතුරු යාවත්කාලීන වෙන්නෙ. මාස අන්තිමට එම ගෙවීම් යාවත්කාලීන වෙලා නැතිනම් අපේ කාර්යාංශය වෙත පැමිණ පූර්ණ නිරාකරණය කරගන්න පුළුවන්.’’ යැයි එම කාර්යාංශය කියා සිටී.

(Aruna)