Wednesday, September 17, 2025
Follow Us
බිලියන තුනක ටැබ් පාසල්වලට

රුපියල් බිලියන තුනක් වැය කරමින් ජාතික පාසල් හා පළාත් පාසල් සඳහා ටැබ් පරිගණක ලක්ෂය එකවර මිලදී ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වෙයි.

ටැබ් පරිගණක ලබා ගැනීම සඳහා ලංසු ප්‍රදානය කර ඇත්තේ පසුගිය වසරේ සැප්තැම්බර් 12 වැනිදාය. ටැබ් පරිගණක ලක්ෂයක් මිලදී ගැනීමට නියමිත අතර මේ වනවිට ටැබ් පරිගණක 96,919ක් නිෂ්පාදනය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

එම හේතුවෙන් ටැබ් පරිගණක එකවර මිලදී ගැනීමට අනුමැතිය ඉල්ලා අධ්‍යාපන අමාත්‍යාංශය ඇමැති මණ්ඩලය වෙත ඊයේ (21 වැනිදා) සංදේශයක් ඉදිරිපත් කර තිබුණි. මේ අතර මීළඟ අයවැයෙන් මුදල් වෙන්කරන තුරු 2019 ආරම්භ කරන ලද පාසල් පරිගණක හා උපාංග සැපයීමේ ප්‍රසම්පාදනය අවලංගු කිරීමටද අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. තවද සුහුරු පන්ති කාමර උපකරණ මිලදී ගැනීමේ ප්‍රසම්පාදනය සහ ගුණාත්මක ඉගෙනුම් පරිසරයක් ඇති කිරීම සඳහා පන්ති කාමර ඩෙක්ස්, පුටු සැපයීමද අවලංගු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මේ අතර 2021 වසරේ ජන හා නිවාස සංගණනය සඳහා දත්ත රැස් කිරීමටද පරිගණක 18000ක් ලබා ගැනීමටද මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.

(Aruna)