Monday, March 02, 2026
Follow Us
පාර්ලිමේන්තුව රැස්වන වේලාව හෙට සිට සංශෝධනය කෙරේ

පාර්ලිමේන්තුව රැස්වන වේලාව හෙට (22) සිට සංශෝධනය කර ඇත.

පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ කාරක සභාව විසින් මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තුව රැස්වීම පෙරවරු 10.00ට ආරම්භ වන අතර පස්වරු 5.30ට රැස්වීම අවසන් වේ.

මේ අතර පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ 9 වන පාර්ලිමේන්තුවට අදාළව සභාපතිවරයා තෝරා පත් කර ගැනීම හෙට (22) දින සිදු කිරීමට නියමිතව ඇත.

(Aruna)