Wednesday, September 17, 2025
Follow Us
වෙසක්, නත්තල් සහ ජාතික නිදහස් දින දේශීය කර්මාන්ත ගොඩනැංවීමට යොදා ගැනීමට සැලසුම්

වෙසක්, නත්තල්, ජාතික නිදහස් දිනය සහ අලූත් අවුරුද්ද වැනි වැදගත් ජාතික උත්සව සදහා බතික් හෝ අත්යන්ත‍්‍ර නිමි ඇදුම් භාවිත කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුවී තිබෙනවා.

බතික් අත්යන්ත‍්‍ර රෙදි හා දේශීය ඇ`ගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මාරවිල පැවති උත්සවයකදී පැවසුවේ ශී‍්‍ර ලන්කන් එයාර් ලයින් සමාගමේ කාර්ය මණ්ඩලයටද බතික් ඇඳුම ලබාදෙන ලෙසට ද ඉල්ලීමක් කළ බවයි.

ජාතික කොඩිය සහ බෞද්ධ කොඩියද බතික්වලින් නිර්මාණය කිරීම තුළින්ද බතික් කලාව ප‍්‍රචලික කළ හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරි ගැන්වීම සිය රජයේ අපේක්‍ෂාව බවයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ද ඊයේ ප‍්‍රකාශ කළේ

කොරෝනා බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීම සඳහා රජයක් ලෙස පසුගිය කෙටි කාලය තුළ සහනදායී ණය පොලී අනුපාත හඳුන්වා දෙමින් කාරක ප‍්‍රාග්ධන අවශ්‍යතා සහ ණය ඇපකර සපුරාදීමට හැකි වූ බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

(Neth)