Monday, January 12, 2026
Follow Us
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ගැන රජයේ ස්ථාවරය මෙන්න

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රාජ්‍ය දේපළක් ලෙස පවත්වාගෙන යාමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා.

නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉකුත් ආණ්ඩුව සමයේ එළැඹි ගිවිසුමක් හේතුවෙන් එහි කටයුතුවලට ඉන්දියාව සහ ජපානයද මැදිහත්වනු ඇති බවටයි ඉකුත් සමයේ දැඩි ලෙස කතාබහට ලක් වුණේ.

කෙසේවෙතත් නැගෙනහිර පර්යන්තය කිසිදු බාහිර පාර්ශ්වයකට ලබා නොදීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි ගුදම් පහසුකම්, බහලූම් අංගන, වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර නෙත් නිවුස් වෙත කියාසිටියා.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බවත් කඩිනමින් එහි කටයුතු ආරම්භ කිරීමට හැකිවනු ඇති බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ගුදම් පහසුකම්, බහලූම් අංගන, වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මෙම අදහස් පළ කළේ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ කාර්යභාරය විමසා බැලෙන නෙත් නිවුස් විශේෂාංග මාලාවට එක්වෙමින්.

(Neth)