Wednesday, September 16, 2026
Follow Us
අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ පාර්ලිමේන්තු අනුකාරක සභාවේ තෙවන රැස්වීම පවත්වයි

අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ පාර්ලිමේන්තු අනුකාරක සභාවේ තෙවන රැස්වීම ඊයේ (10) පාර්ලිමේන්තුවේ දී පැවැත්වී ය.

එහිදී අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව, එම කමිටුවේ සභාපති මහාචාර්ය ඕ.ජී. දයාරත්න මහතා විසින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ පාර්ලිමේන්තු අනුකාරක සභාවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා වෙත භාර දීම සිදු විය.