Wednesday, December 04, 2024
Follow Us
ඇමැති විජිත ගුවන්තොටුපළ ගැටලු සොයා බැලීමට යයි

ශ්‍රීලන්කන් ගුවන් යානා ප්‍රමාදය ගැන ලැබුණු පැමිණිලි සොයා බැලීම සඳහා අමාත්‍ය විජිත හේරත් කටුනායක ගුවන්තොටුපොළේ නිරීක්ෂණය සංචාරයක නිරත වී තිබේ.

අමාත්‍යවරයා එහිදී ගුවන්තොටුපළේ සියලුම අංශයන් වෙත ගොස් ඒ ඒ අංශවල සේවකයින් සමග සුහද කතාබහක ද නිරත වී ඇති බව සඳහන් වේ.

ඒ අනුව ගුවන් යානා ප්‍රමාදවීමේදී ඒ පිළිබඳ තොරතුරු ක්ෂණිකව ගුවන් යානා මගීන්ට සන්නිවේදනය කිරීමට විශේෂ වැඩපිළිවෙළක්  සකස්  කරන ලෙසත් ඒ සඳහා පැය 24  පුරා ක්‍රීයාත්මක වන විශේෂ ඒ්කකයක් කඩිනමින් ස්ථාපිත කරන ලෙසත් එහිදී අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.ඒසේම එම ප්‍රමාද කාලසීමාවේදී මගීන්ට උපරිම පහසුකම් ලබා දීමට අවශ්‍ය වන බවද එම ප්‍රමාදයන් හැකිතාක් අවසන් කිරීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම මෙම ප්‍රමාදයන් අවම කිරීම සඳහා කටයුතු කරන ලෙසත් අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව සඳහන් වේ.