Saturday, October 26, 2024
Follow Us
උපාධිධාරීන් පිරිසකට දකුණු පළාත් ගුරු සේවයේ පත්වීම්

දකුණු පළාත් සභාව යටතේ පවතින පාසල්වල ගුරු සේවය සඳහා උපාධිධාරින් බඳවා ගැනීමට අදාළ පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය (III වන අදියර) මාතර නුපේ සණස ශ්‍රවනාගාරයේ දී පසුගියදා දකුණු පළාත් ආණ්ඩුකාරවර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙහි දී ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ III වන අදියර පත්වීම් ප්‍රදානයේ  නිමාවත් සමග සම්පුර්ණ ගුරුපත්වීම් 3210ක් ප්‍රදානය කර ඇති බවයි.

ගුරු විභාගය, සම්මුඛ පරික්ෂණ හා ප්‍රායෝගික පරික්ෂණ මුලික කර ගනිමින් ගුරු සේවයේ බඳවා ගැනීම් සිදු කරන බවත් එම ක්‍රමය ඉදිරියට නොවෙනස්ව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු ගැසට්ටුවක් මගින් ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බවත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසී ය.

මෙම අවස්ථාවට දකුණු පළාත් සභා සභාපති සෝමවංශ කෝදාගොඩආරච්චි මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.