Tuesday, February 17, 2026
Follow Us
යෝජිත කැබිනට්ටුවේ විෂයපථයන් රැසක වෙනසක්

කැබිනට් අමාත්‍ය ධූර වෙනුවෙන් මෙතෙක් කාලයක් වෙන්ව තිබූ විෂය පථයන් රැසක් සම්පූර්ණයෙන් වෙනස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

එකී විෂයයන් වෙනස් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර සහ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරුන් මූලික සාකච්ඡා පවත්වා අගමැතිවරයාගේ අනුමැතිය ලබාගෙන තිබේ. ඒ අනුව කැබිනට් විෂයයන් තීරණය රැසක් කැබිනට් නොවන සහ රාජ්‍ය අමාත්‍යවරුන් වෙත ලබාදීමට තීරණය කර ඇත.

(Lanka Leads)