මහ මැතිවරණයෙන් ලද ජයග‍්‍රහණය මුළු රටේම විජයග‍්‍රහණක් බවට පත් කිරීම සිය අධිෂ්ඨානය බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. 2020 මහ මැතිවරණයෙන් ලද ජයග‍්‍රහණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අග‍්‍රාමාත්‍යවරයා සදහන් කළේ නියම විජයග‍්‍රහණයක් උපදින්නේ අභියෝග මතින් බවයි. කෙතරම් අසීරු තත්ත්වයකිදී වුවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් කටයුතු කිරීමට ජනතාව ඉදිරිපත්වීම ගැන අප රටක් ලෙස සතුටු විය යුතු බවයි අග‍්‍රාමාත්‍යවරයා සදහන් කළේ.
යුද්ධයේ ජය ගැනීම, කොරෝනා වසංගතය ජය ගැනීම මෙන්ම ඉතා සාර්ථක මැතිවරණයක් පැවැත්වීමෙන් අප ලෝකයට පෙන්වා දී ඇත්තේ රටේ ශක්තිය සහ ජනතාවගේ ශක්තියයි. මෙම මැතිවරණ ජයග‍්‍රහණය, ජාතියේ ආත්ම විශ්වාසය නැවත ගොඩ නංවන ජයග‍්‍රහණයක්. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ සෞභ්‍යාගයේ දැක්ම රට තුළ තහවුරු කිරීමට හැකි බව මෙම මැතිවරණය සාර්ථක කර ගැනීමෙන් ලෝකයට පසක් වී ඇති බවයි අග‍්‍රාමාත්‍යවරයා සදහන් කළේ.
මෙවර මැතිවරණයේදී ඡන්දය දුන් සියළු ජනතාවටත් මැතිවරණය සාර්ථකව හා සාමකාමීව පැවැත්වීමට සහය වූ මැතිවරණ කොමිෂන් සභාවටත් ආරක්‍ෂක අංශ, රාජ්‍ය නිලධාරීන්, මැතිවරණ නිරීක්‍ෂකයින් මෙන්ම සියළු මාධ්‍යවලටද අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය නිවේදනය මගින් ස්තුතිය ද පුද කර තිබෙනවා.
මේ අතර මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍ය ධූරයේ දිව්රුම්දීම ලබන ඉරිදා කැළණිය රාජමහා විහාරයේදී සිදුකිරීමට නියමිතයි. අමාත්‍ය මණ්ඩලය 26කට සීමා වන අතර නව අමාත්‍ය මණ්ඩලය ලබන සඳුදා මහනුවර මගුල් මඩුවේදී දිවුරුම්දීමට නියමිතව තිබෙනවා.
(Neth)