Monday, September 15, 2025
Follow Us
රනිල් ගේ මනාප වාර්තාව අගමැති මහින්ද බිඳ දමයි : අගෝස්තු 09 යලි අගමැතිධුරයේ දිවුරුම් දෙයි

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රථිපල නිකුත් වී තිබෙනවා. ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මනාප ලක්ෂ 05 කට අධික සංඛ්‍යාවක් ලබා ගනිමින් මිට පෙර රනිල් වික්‍රමසිංහ තබා තිබු මනාප වාර්තාව බිඳ දැමීමට සමත්ව තිබෙනවා.

මේ අතර 2020 මහ මැතිවරණයේ විශිෂ්ඨ ජයග්‍රහණයකට හිමිකම් කියූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම් නායක මහින්ද රාජපක්ෂ මහතා මෙම මස 09 වෙනිදා අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දීමට නියමිතයි.

නව ඇමති මණ්ඩලය අගෝස්තු 10 හෝ 11 දිවුරුම් දෙනු ඇති බවයි වාර්තා වන්නේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිල මනාප ප්‍රථිපලය පහතින් :

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ :

1. මහින්ද රාජපක්ෂ 527,364
2. ජොන්ස්ටන් ප්‍රනාන්දු 199,203
3.ගුණපාල රත්නසේකර 141,991
4.දයාසිරි ජයසේකර 112,452
5.අසංක නවරත්න 82,779
6. සමන්ප්‍රිය හේරත් 66,814
7. ඩි.බි.හේරත් 61,954
8. අනුර ප්‍රියදර්ශන යාපා 59,666
9. ජයරත්න හේරත් 54,351
10.ශාන්ත බණ්ඩාර 52,086
11. යු.කේ. සුමිත් 51,134

 

සමගී ජනබල වේගය
1. නලින් බණ්ඩාර 75,631
2.ජේ.සි. අලවතුවල 65,956
3. අශෝක අබේසිංහ 54,512
4. තුෂාර ඉදුනිල් 49,364

(Neth)