Tuesday, February 17, 2026
Follow Us
මැතිවරණ කොට්ඨාශයක මන්ත්‍රිවරයෙක් තේරි නැත්නම් මනාප ගණන් කරන්නේ නැහැ

යම් මැතිවරණ කොට්ඨාශයක මන්ත්‍රිවරයෙකු තේරීපත් වී නොමැති නම් මනාප ගණනය සිදුනොකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මනාප ගණන් කෙරෙන අවස්ථාවේ අදාළ දේශපාලන පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ නියෝජිතයින් හට ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරීන්ගේ දැනුම්දීම අනුව එම ශාලාවට පිවිසිය හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

තේරීම්භාර නිලධාරීවරයා විසින් මන්ත්‍රිධුර හිමි පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම් ප්‍රකාශයට පත්කළ පසු මන්ත්‍රිධුර හිමි නොවූ සියලූම පක්ෂ හෝ කණ්ඩායම්වල නියෝජිතයින් ඡන්ද ගණන් කිරීමේ පරිශ්‍රයෙන් ඉවත්විය යුතු බව ද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)