Monday, September 15, 2025
Follow Us
ඡන්ද පෙට්ටි ප්‍රවාහනය හෙට උදේ ඇරඹේ

ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය හෙට (04) පෙරවරු 08.00ට ආරම්භ කරන බව මැතිවරණ කොමිසම පවසයි.

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ පරිශ්‍ර 71ක සිට ඡන්ද පෙට්ටි නිකුත් කිරීම සිදුකරන බවය.

ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් ද ඡන්ද පෙට්ටි සමඟ අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත වාර්තා කරන අතර ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරින් දෙදෙනෙකු යොදවා තිබේ.

අද සහ හෙට (04) ඡන්ද මධ්‍යස්ථාන විෂබීජහරණයට පියවර ගෙන ඇති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේය.

(Lanka Leads)