Wednesday, May 13, 2026
Follow Us
සාකච්ඡා සාර්ථක වෙයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ වීරකැටිය කාල්ටන් නිවසේදී අද (02) උදෑසන පැවති සාකච්ඡාව සාර්ථක ලෙස අවසන් වූ බව වරාය වෘත්තිය සමිති ප්‍රකාශ කළා.

ඔවුන් මෙම සාකච්ඡාවට එළඹුණේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹ සිටියදියි.

ඒ අනුව සිය වර්ජන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අවසන් තීරණය වෘත්තිය සමිති අතර සාකච්ඡාවකින් අනතුරුව අද දිනය තුළ ප්‍රකාශයට පත් කරන බවයි වරාය වෘත්තීය සමිති නිලධාරීන් පෙන්වා දෙන්නේ.

(Neth)