Friday, July 04, 2025
Follow Us
දියුණු වන රටක ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීම රජයක වගකීමයි

රටට ජාතියට සමාජයට සේවයක් කළ හැකි පිරිසක් පාර්ලිමේන්තුවට පත්කර එවීම ජනතාවගේ ප්‍රමුඛ වගකීමක් බවත්, දියුණු වන රටක ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීම රජයක වගකීම වන බවත් පසුගිය දා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවති ජන හමුවක් අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

එමෙන්ම, ජනතාවට අවශ්‍ය පහසුකම් වැඩි දියුණු වීමත් සමඟ ග්‍රාමීයව මහා මාර්ග කාපට් කිරීම, කොන්ක්‍රීට් පාරවල් ඇති කිරීම, පාසල් ගොඩනැගිලි ඉදිකිරිම මෙන්ම වෘත්තීය පුහුණුව ලබාදීම සඳහා වෘත්තීය පුහුණු ආයතන ඉදිකිරිම වැනි පහසුකම් සැලසීම හරහා රැකියා උත්පාදනය කළ හැකි ක්‍රම දැනටමත් රජය විසින් සැළසුම් කොට තිබේ

(news.lk)