Thursday, July 03, 2025
Follow Us
සියලූම පාසල් සිසුන්ට ශිෂ්‍ය අනන්‍යතා අංකයක්

සියලූම පාසල් සිසු සිසුවියන් සඳහා පාසල් කාලයටම බලපාන ශිෂ්‍ය අනන්‍යතා අංකයක් ලබාදීමට කටයුතු කරගෙන යන බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

දැනට පාසල් අධ්‍යාපනය ලබන ලක්‍ෂ 43 ක් වන සිසු සිසුවියන් අතරින් ලක්‍ෂ 39 කගේ තොරතුරු පරිගණකගත කර තිබෙන බවත් ඉතිරි ලක්‍ෂ 4 ද කඩිනමින් පරිගණක පද්ධතියට ඇතුළත් කිරීමෙන් පසු මෙය ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් පෙරේදා (29 දා* අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමැතිවරයා පැවසීය.

ශිෂ්‍ය අනන්‍යතා අංකය ලබාදීමෙන් පසු එම ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව සඳහා පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගයන්, බාහිර ක‍්‍රියාකාරකම් ඇතුළු සියලූම තරග සඳහා ලබාදෙන ශිෂ්‍ය අනන්‍යතා අංකය භාවිත කරන බව ද ඇමැතිවරයා කීය.

දැනට සිටින සියලූම සිසුන්ට ශිෂ්‍ය අනන්‍යතා අංකය ලබාදීමෙන් පසු ලබන වසරේ සිට දරුවන් පාසලට ඇතුළත් කර ගැනීමේදීම ශිෂ්‍ය අනන්‍යතා අංකය ලබාදීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

(Lanka Leads)