Monday, February 16, 2026
Follow Us
මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම අවසන්

මෙවර මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 98ක් බෙදා අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත් මේ දක්වාත් නිල ඡන්ද පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයින්ට තම ප්‍රදේශයේ තැපැල් කාර්යාල වෙත ගොස් අනන්‍යතාව තහවුරු කර ඡන්ද පත්‍රිකාව ලබාගැනීමේ හැකියාව පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මේ අතර කොවිඩ් 19 ආසාදිතයින් වාර්තාවීම හේතුවෙන් සංචරණ කටයුතු සීමා කර තිබූ රාජාංගනය ප්‍රදේශයේ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරිමේ කටයුතු අද(30) සිට ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.

(Aruna)