Monday, February 16, 2026
Follow Us
රාජ්‍ය බැංකු විධිමත් කිරීමට කමිටුවක්

රාජ්‍ය බැංකු ක්ෂේත්‍රය විධිමත් කිරීම සඳහා වන කමිටුව එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පත් කරන බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල පැවසීය.

කොවිඩ් -19 වසංගතයෙන් මෙරට ආර්ථිකයට සිදු වූ හානිය හමුවේ රාජ්‍ය බැංකු පද්ධතිය විධිමත් කිරීම වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කමිටුවක් පත් කිරීම සඳහා මුදල් විෂය භාර ඇමැති මහින්ද රාජපක්ෂ පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ අතර ඊට අනුමැතිය හිමි විය.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පවසන්නේ අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍යාංශය වෙත ලබා ගැනීමට නියමිත බවත්, ඉදිරි මහ මැතිවරණය අවසන් වූ වහාම අදාළ පත්‍රිකාවට අනුකූලව කමිටුව පත් කරන බවත්ය.

එසේම එම කමිටුවට නිශ්චිත කාල සීමාවක්, විෂය පථයක් මෙන් අදාළ විමර්ශන සිදු කිරීම සඳහා අවශ්‍ය බලතලද ලබාදෙන බවද ලේකම්වරයා වැඩිදුරටත් කීවේය.

(Aruna)